ශ්රී ලංකා පිල සිය මවුබිමේදීම සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙය වේ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දුවාර 47.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්හ.
උපුල් තරංග ද තම එක්දින ක්රිකට් දිවියේ ලකුණු හයදහස සම්පුර්ණ කිරීමට එහිදී සමත්වූ අතර කුසල් මෙන්ඩිස් තම එක්දින ක්රිකට් දිවියේ ලකුණු දහස සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා උපුල් තරංග අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.
මෙම තරගයේදීත් ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ප්රශස්ථ මට්ටමක නොතිබුණු ක්රිකට් විචාරක මතය විය.
තරගයේ සම්පුර්ණ ලකුණු පුවරුව පහත දැක්වේ.