මේ අනුව දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීමට ශ්රී ලංකා පිල සමත් විය.
ලකුණු 311 ක ජයග්රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය ශ්රී ලංකා පිලට ප්රබල ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරු යුගලය වන නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක සමත්වූහ.
නිරෝෂන් හා ධනුෂ්ක දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත්වූ අතර ඔවුන් අතර පළමු කඩුල්ලට ගොඩනැගුණු සබඳතාව ලකුණු 229ක් විය.
නිරෝෂන් පන්දු 116කදී හතරේපහර 14ක් සමඟ ලකුණු 102ක් ලබාගත් අතර ධනුෂ්ක පන්දු 111කට මුහුණදෙමින් එක් හයේපහරක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු 116ක් රැස් කළේය.
…………………………..
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර සූරියවැව ක්රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කටලකුණු 310ක් රැස්කිරිමට සමත්විය.
ආරම්භක පිතිකරු හැමිල්ටන් මැසකඩ්සා ලකුණු 111ක් රැස්කිරිමට සමත්විය.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වනිඳු හසරංග හා අසේල ගුණරත්න කඩුලු දෙක බැගින් දවාගත්හ.
ලසිත් මාලිංගගේ පන්දුවාර 9ට ලකුණු 71ක් උදුරා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත්වූහ.
ලකුණු පුවරුව