Jul 08, 2017

සිම්බාබ්වේ තරගාවලිය සමකරයි

Update - ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4කින් සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජයට පත්කළ සිම්බාබ්වේ පිල දෙරට අතර පැවැති සිවුවැනි එක්දින තරගය ජයගැනිමට සමත් විය.
ඒ අනුව තරගාවලිය 2-2 ක් ලෙස සමකිරීමටත් සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
 
වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 31කදී ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ අතර එය පන්දුවාර 29.2කින් කඩුලු 6ක් පමණක් වැය කර පසුකර යෑමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
 
-------------------------------------------------------------------

අසිතට මාස්ටර් බ්ලාස්ටර්ගෙන් එක්දින කැප්එක (සජීවී)

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ පිල අතර සිවුවැනි එක්දින තරගයේදී මදවේග පන්දුයවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද (08) එක්දින වරම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල මේවන විට මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින අතර අද සවස් භාගයේදී අසිතගේ පන්දු යැවීම ක්‍රීඩා ලෝලීන්ට බලා ගැනීමට හැකිවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය (මාස්ටර් බ්ලාස්ටර්) විසින් අසිතට අද එක්දින හිස්වැසුම ලබාදීම සිදුකෙරුණි.

තරගය සජීවී

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top