Jul 12, 2017

ඉන්දියාව පුහුණු කරන්න ශාස්ත්‍රි එයි

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක - රවි  ශාස්ත්‍රි පත්කර ඇතැයි වාර්තා වේ.

වසර 2019 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු මෙම ධූරයේ  කටයුතු කරනු ඇත.

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමග ඇති වූ මතගැටුම් හේතුවෙන් අනිල් කුම්බ්ලේ ඉවත් වීමත් සමග පුහුණුකරු ධූරය හිස්ව පැවතුණි.

මෙම නව පත්වීම සමග ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අදහස් දක්වා තිබුණේ ශාස්ත්‍රි සමග ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් සම්භාරයක් එක්වනු ඇති බවයි.

ශාස්ත්‍රි, මීට කලින් ඉන්දීය ක්‍රිකට් පිලේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබේ.

මේ අතර,  ඉන්දීය පිලේ පන්දුයවන උපදේශක ලෙස සහීර් ඛාන් ද ටෙස්ට් කණ්ඩායමේ විදේශීය පිතිකරණ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් ද පත්කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top