ඔහු මේ බව කියා සිටියේ මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.
පසුගිය සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බවද ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
"නායකයෙක් කියන්නේ තනිවන අවසථා වැඩියි. නායකත්වය දරණ එක ලේසි නෑ. යන්න අවස්ථාවක් එනවා. බලයට හා අවස්ථාවට තන්හා වෙන්න ඕන නෑ. මම හරිදේ කළා කියලා හිතනවා. ගත්ත තීරණ වැරදි වෙන්න පුළුවන්. " යනුවෙන්ද ඔහු කියා සිටියේය.
තරංගට එක්දින - චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි 20 නායකයා ලෙස උපුල් තරංග පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹදී පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී තිලංග සුමතිපාල මහතා නිවේදනය කළේය.
ටෙස්ට් කණ්ඩායමේ නයාකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ.