චාලි හා ඔස්ටින් මැනේජ්මන්ට් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණවලට බලපෑම් කළ බවට මාධ්‍යයෙන් හෙළිවීමත් සමඟ අදාළ තත්ත්වය ඇතිව ඇති බව පැවසේ.
සනත් ජයසූරිය නායකත්වයෙන් ඉවත්වූ සමයේදී ඔහු වෙනුවට මාවන් අතපත්තු නම් කිරීමත් ඔහුගේ උපනායකයා ලෙස චමින්ද වාස් පත් කිරීමත් සිදුවිය. කෙසේවුවද, චාලිගේ රැහේ නොසිටි වාස් ඉවත්කර ඉතා සූක්ෂම ලෙස මහේල ජයවර්ධන ඒ තැනට යෙදුවේ චාලි බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ.
මේ අතර, චාලි ක්‍රීඩකයන්ගේ කළමනාකරුව සිටීම අවශ්‍ය බවට මාධ්‍ය ඔස්සේ සාධාරණය කිරීමට ඔහු හා සමකාලීනව මාධ්‍යයේ නිරත කිහිපදෙනෙකුට කොන්ත්‍රාත් ලබාදී ඇති බවටද චෝදනාවක් එල්ලවෙමින් ඇති බව ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔවුන් ඒ අනුව ක්‍රීඩා සාමාජයක තරගක් වෙනුවෙන් ක්රීඩකයකුට ගෙවන ලද රුපියල් 25,000 ක තරග ගාස්තුව 5,000 ක් දක්වා අඩු කිරීම පෙන්වාදෙමින් එම තත්ත්වය මත පරිපාලනය සමඟ ගනුදෙනු කිරීමට ක්‍රීඩකන්ට කළමනාකරුවන් සිටිය යුතු බවට සාධාරණීකරනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද පැවසේ.
කෙසේවුවද, සංගක්කාර පවසා තිබුණේ කළමනාකරු කටයුතු කරන්නේ ජාතික ක්‍රීඩාවට ඔබ්බෙන් ඇති කටයුතු සඳහා බවයි. එසේම ඔවුන්ට ජාතික කණ්ඩායම සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවද සංගක්කාර පෙන්වාදී තිබිණි.