Pasidol
Sathosa Ad Final Sinhala
Jul 21, 2017

චන්දිමාල් රෝහල්ගත කෙරේ

වෛරස් උණ තත්ත්වයක් නිසා, ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කොළඹ පෞද්ගලික රෝහලක⁣ට ඇතුළත් කර ඇත.

මේ හේතුවෙන් ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමී යනු ඇතැයි වාර්තා වේ. අසනීප තත්වය හේතුවෙන් ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවටද දිනේෂ් චන්දිමාල් සහභාගී නොවූ අතර ඒ සදහා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් හී නායක උපුල් තරංග සහභාගී විය.

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා නොකළහොත් කණ්ඩායමේ නායකත්වය සීමිත ඕවර නායක උපුල් තරංගට හෝ හිටපු ටෙස්ට් නායකයකු වන රංගන හේරත්ට පැවරීමට තේරීම් කමටු නිලධාරීහු බලාපොරොත්තුව සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top