Nov 14, 2016

බ්‍රාවෝ ගේ කොන්ත්‍රාත් ගිවිසුම අහෝසියි!

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ඩැරන් බ්‍රාවෝ සමග එළඹ ඇති කොන්ත්‍රාත් ගිවිසුම අහෝසි කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගියදා ට්විටර් සමාජ ජාලය ඔස්සේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විවේචනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය සිකුරාදා දිනයේදී විද්‍යුත් තැපෑලක් යොමු කරමින් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබුනේ සෙනසුරාදා පස්වරුව වන විට එම ට්විටර් පණිවිඩය ඉවත් කර සමාව අයැද නොසිටියහොත් බ්‍රාවෝ හට එරෙහිව තවදුරටත් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

මේ වන විටත් බ්‍රාවෝ විසින් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රතිචාර නොදක්වා ඇති බැවින් ඔහුව සිම්බාබ්වේ සංචාරයේ තුන්කොන් තරගාවලිය සඳහා වූ සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top