එංගලන්තය මෙවර තහවුරුකරගත්තේ සිය සිවුවැනි ලෝක කුසලාන ජයග්‍රහණයයි.
වසර 1973 දී පළමුවරට පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට සමත්වූ එංගලන්තය ඉන් අනතුරුව 1993 සහ 2009 තරගාවලි ද ජය ගැනීමට සමත් විය.
ඉන්දියාව අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ.
ඉන්දියාව 2005 වසරේදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය.
ලන්ඩන් නුවර ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැති අවසන් මහා තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත පිල සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලක්ණු 228ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල පන්දුවාර 48.4 කදී ලකුණු 219කට සියලුදෙනා දැවී ගියේය.
මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉන්දියාව ඉදිරියේ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වූයේ හිටපු ලෝක ශූරියන් වූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
ලකුණු පුවරුව