කෙසේවුවද, ඔහුගේ අතේ වේදනාව අද (29) පෙරවරුවේද පැවැතියහොත් ඔහුව MRI ස්කෑන් පරික්ෂාවකට ලක්කරණ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
රංගනගේ 2014 දී ද අස්ථි බිඳීමකට ලක්වූ ඇඟිල්ලම මෙවරද ආබාධයකට ලක්ව තිබීමද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය ලක් කිරීමට හේතුවී ඇත.
තරගයේ 36 වැනි පන්දුවාරයේදී විරාත් කෝලි එල්ල කළ පහරක් ෂෝට් එක්ස්ට්රාකවර්හි සිට නැවැත්වීමටයාමේදි හේරත් ආබාධයකට ලක්විය.
හේරත් මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නාද වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස රංගන හේරත් කටයුතු කරයි.
කෙසේවුවද, මේ තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අසෙල ගුණරත්නද පන්දුවක් රැක ගැනීමට යාමේදී ආබාධයකට ලක්වූ අතර ඔහුට ශෛල්යකර්මයක්ද සිදු කෙරුණි.