පසුගිය සිකුරාදා පැවැති පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටු රැස්වීමේදී මේ සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති අතර රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් මෙසේ වංචාකර ඇති බව පැවසේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා කියා සිටියේ දළවශයෙන් මේ වංචාව රුපියල් මිලියන 28ක් වනු ඇති බවට සැක කළද එහි වංචාව ඊට වැඩි වනු ඇති බවද පැවසේ.
පාපන්දු සම්මේලනයේ ගණකාධිවරයාට මේ චෝදනාව සෘජුවම එල්ලකරන බවද අනුර මහතා කියා සිටී.
ගණකාධිකාරීවරයා මේ චෝදනා පිළිගත් බවද ඔහු කියා සිටියේය.
මෙසේ ලබාගත් මුදල් නැවත ලබාදීමට ගණකාධිකාරීවරයා පොරොන්දුවී ඇති අතර ඔහුගෙන් කුරුඳුවත්ත පොලිසිය ප්‍රකාශයක් ගෙන ඇති බවද වාර්තා වේ.
පාපන්දු සම්මේලනයේ මුදල් ලබා ගැනීමේදී එහි සභාපතිවරයා හා භාණ්ඩාගාරිකවරයාගේ අත්සන් අනිවාර්ය වුවද ඒවා වංචනික ලෙස යොදා මේ වංචාව සිදු කර ඇති බවට සැකකෙරේ.