Aug 01, 2017

2028 ඔලිම්පික් සත්කාරකත්වය LA නුවරට

වසර 2028 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ලබාදෙන බවට ලොස් ඇන්ජලිස් (LA) නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

වසර 2024 හා 2028 ඔලිම්පික් තරගාවලි වල සත්කාරත්වය සඳහා ඉදිරිපත් වී තිබුණේ පැරිස් හා ලොස් ඇන්ජලිස් නගර පමණි.

නගර දෙකටම අවශ්‍ය වී තිබුණේ 2024 සත්කාරකත්වය ලබාගැනීමට වුවත්, 2028 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය සඳහා ලොස් ඇන්ජලිස් නගරය පසුව ඉදිරිපත් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලිස් බලධාරීන් ප්‍රශංසා කර ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, සංවිධායක මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් ලබාදීමට ප්‍රතිඥා දී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ 2024 සත්කාරකත්වය ලබාගන්නා නගරයට වඩා 2028 සත්කාරකත්වය ලබාගන්නා නගරයට වැඩි මූල්‍ය පහසුකම් හිමිවන බවයි.

ඔලිම්පික් ඉතිහාසය තුළ ඇන්ජලිස් නගරයේදී දෙවරක් ඔලිම්පික්  තරගාවලිය පවත්වා තිබේ. ඒ, 1932 දී හා 1984දී ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top