සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රංගන හේරත් ආබාධයකට ලක්විය.
ඒ පන්දුව වම් අතේ වැදීමෙනි. ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ල ඉදිමීමට ලක්වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත විය.
කෙසේවුවද, මේ වනවිට ඔහු පූර්ණ සුවය ලබා ඇති අතර තරගයට ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමක ද සිටින බව ක්‍රිකට් ආයතනය පැවසීය.
මේ නිගමනයට පැමිණ ඇත්තේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුවය.