‘සිලෝන් ටුඩේ’ පුවත්පතට අදහස් දක්වමින් රණතුංග මහතා පවසා ඇත්තේ මෙරට ක්රිකට් ක්රීඩාව වර්තමානයේදී කළමනාකරණය හා පරිපාලනය වන ආකාරය පිළිබඳව දැඩි පිළිකුලක් ඇතිවීම මීට හේතුව බවයි.
මේ වන විට ඉන්දියාවේ ශ්රී ලංකා සංචාරය ද නරඹන්නේ නැති බව ඔහු සඳහන් කර ඇත.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කළමනාකරණය සිදුකිරීමට අතුරු කමිටුවක් යළි ගෙන එන මෙන් ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ඉදිරියේදී ජනපතිවරයාගෙන් හා අගමැතිවරයා වෙත යොමු කිරීමට තමා කටයුතු කරන බවයි.