අද දිනයේ දිවා ආහාරයෙන් අනතුරුව ලකුණු 76 ක් තුළදී ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි පිතිකරුවන් 6 දෙනාම දවා ගැනිමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වීමද විශේෂ සිද්ධියකි.
දිවා ආහාරයෙන් අනතුරුව පළමු කඩුල්ල ලෙස ලකුණු 141 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න දවා ගැනිමට ජඩේජා සමත් වූයේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
ඉන් පසු ජඩේජා යැවූ පන්දුවාරයේදීම ලකුණු 36 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් කඩුළු රකින ක්‍රීඩක රිද්දිමාන් සාහා අතට උඩ පන්දුවක් ලබා දි දැවි ගියේය.
ඉන් පසු ලකුණු 4 ක් ලබා සිටි දිල්රුවන් පෙරේරාද ජඩේජා ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට ලක් වූ අතර වේගවත් ලකුණු 17ක් රැස් කළ ධනංජයද සිල්වා දැවී ගියේ ජඩේජාගේ පන්දුවකට රහනේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
කෙසේ වෙතත් 9 වැනි කඩුල්ලට යම් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් නිරෝෂන් දික්වැල්ල හා රංගන හේරත් රැස් කළද පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ දික්වැල්ල ලකුණු 31 කට දැවී ගියේය.
ඉනිමේ අවසන් කඩුල්ල ලෙස නුවන් ප්‍රදිප් එක් ලකුණකට දැවී ගියේ අෂ්වින්ගේ පන්දුවකට ෂිකර් ධවාන්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
ලකුණු 152කට කඩුලු 5ක් බිඳහෙලූ රවීන්ද්‍ර ජඩේජා තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
සම්පූර්ණ ලකුණු පවුරුව