Pasidol
Sathosa Ad Final Sinhala
Aug 07, 2017

ජඩේජාට තෙවැනි ටෙස්ට් තරගය තහනම් වෙයි !

ශ්‍රී ලංකා පිල හා ඉන්දීය පිල අතර පල්ලෙකැලේ පිටියේදී  පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට අහිමිවී තිබේ.

ඒ ඊයේ (06දා) නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ජඩේජා පන්දුව පළුදු කිරිමේ චෝදනාවට වැරදිකරු වීම නිසාය.

එම වරදට ජඩේජාට අයි.සී.සී.ය එක් ටෙස්ට් තරගයකට තරග තහනමක් පනවා තිබේ.
 
අයි.සී.සී. ව්‍යවස්ථාවේ 2.2.8 වගන්තිය අනුව ක්‍රීඩකයෙක්, සහායක කණ්ඩායමක්, විනිසුරුවරුන් හා තරග තීරක හෝ වෙනත්  ඕනෑම පාර්ශ්වයක් ඉදිරිපිටදි පන්දුව පළුඳු කිරීම වරදකි.

ඒ අනුව ජඩේජාගේ තරග ගාස්තුවෙන්  50%ක දඩයක්ද පැනවෙනු ඇති අතර ඔහුට සෘණාත්මක ලකුණු තුනක්ද  එක් කිරීමට නියමිතය.

මීට පෙර නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඉකුත් ඔක්තෝබරයේ පැවැති තරගයකදී ද අයි.සී.සී. ව්‍යවස්ථාවගේ 2.2.11 වගන්තිය කඩ කිරිම හේතුවෙන්  ඔහුට සෘණාත්මක ලකුණක් එක්ව තිබිණි.

ඒ අනුව ඔහුගේ සෘණාත්මක ලකුණු සංඛ්‍යාව හතරක් වූ අතර එහි ප්‍රථිඵලය ලෙසට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි20 තරග දෙකක තහනමක් පැනවෙනු ඇත.

මේ අතර ඊළග අවුරුදු දෙක තුළදී ජඩේජා සෘණාත්මක ලකුණු 8ක් එක්කර ගත හොත් ඔහුට ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග හතරක් හෝ විස්සයි 20 තරග හතරක තහනමක් පැනවෙනු ඇත.

මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් කිසිඳු ක්‍රීඩකයෙකුට එවැනි තහනමක් පැනවි නොමැත.

තරගයේ 58 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යොමුකරන විට ජඩේජා මෙම පළුදු කිරීම සිදුකර තිබේ.  

ඒ දිමුත් කරුණාරත්න වෙත පන්දුව යොමුකරන විටදීය. පිටියේ විනිසුරන් මේ පිළිඳව තරග තීරක රිචී රිචඩ්සන් වෙත පැමිණිලි කර ඇති අතර පසුව ජඩේජා ඔහු ඉදිරියේ සිය වරද පිලිගෙන ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top