පසුගිය කාලයේදී හේරත් දිගින් දිගටම තරගවලට සහභාගි වීම නිසා හා ඔහුව විවේක ගැන්වීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු - අසංක ගුරුසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙසේය.
“හේරත්, පසුගිය ටෙස්ට් තරග තුනේදී පන්දුවාර 200කට ආසන්නව පන්දුයැව්වා. එය ඔහු ගේ ශරීරයට ඔරොත්තු දෙන්න අමාරුයි. මේ නිසා ඔහු ආබාධයකට ගොදුරුවීමේ අවදානමකට ලක්නොකර ඔහුව විවේකගන්වන්න අප තීරණය කළා.”
ඔක්තොබර් මාසයේදී පකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු නැවත කණ්ඩායමට එක්වනු ඇත.
හේරත් ට අමතරව මේ වන විට ආබාධයට ලක්වූ නුවන් ප්‍රදීප් ද පල්ලෙකැලේ ටෙස්ට් තරගයට සහභාගී නොවේ.