Aug 20, 2017

ගුරා, දයාසිරි හා තිලංග ළඟ දණින් වැටිලා ? (ඡායා)

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් සිටින අමුතු ඡායාරූප පෙළකට මේ දිනවල විශාල ප්‍රචාරයක් ලැබී තිබේ.

ඒ ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් සභාපති පුටුවල සිටියදී ගුරුසිංහ බිම ඉඳගෙන සිටීමේ ඡායාරූප පෙළකි.

මේ ඡායාරූප ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සුදානම පිලිබඳව සොයාබැලීමට සුමතිපාල මහතාත්, ජයසේකර මහතාත් දඹුල්ල ක්‍රිකට් පිටියට ගොස් එහි අමුත්තන්ගේ ප්‍රේකෂක කුටියේ සිටි අවස්ථාවේ ගන්නා ලද්දකි.

මොවුන් අදාළ කුටියේ සිටියදී අසංක ගුරුසිංහ මහතා ද එහි පැමිණ තිබේ. ඒ වන විට දයාසිරි හා තිලංග පුටු දෙකක ඉඳගෙන සිට ඇති අතර අමාත්‍යවරයා ආසන්නයේ තවත් හිස්පුටුවක් ද තිබී ඇත.

ගුරුසිංහ මහතාට එම පුටුවේ වාඩිවන ලෙස අමාත්‍යවරයා ඇතුළු පිරිස දැන්වුවද ගුරුසිංහ එකවරම ඇමති හා සභාපති ඉදිරිපිට බිම වාඩිවී ඇත.

ඒ ක්ෂණයෙන් ඡායාරූප ශිල්පීන් ඡායාරෑප ගෙන ඇති අතර අදාළ ඡායාරූප මේවන විට ආන්දෝලනයට ලක්ව තිබේ.

ගුරුසිංහ බිම ඉඳගන්නවාත් සමඟ අමාත්‍යවරයා "නැගිටින්න .නැගිටින්න, බිම වාඩිවෙන්න එපා. ඕකත් හෙට මීඩියා වැටෙයි .” යයිද පවසා ඇත.

තිලංගද ගුරාට නැගිටින ලෙස කීවද ගුරා නැගිට නොසිටි නිසා මද වෙලාවක් සිටි ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව ගොස් ඇති අතර ඒ සමඟම ගුරුසිංහ මහතාද ජනලයේ ආධාරයෙන් නැගිට ඔවුන් පිටුපස ගොස් ඇත.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු

001002 1

003004005

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top