මෙම විරෝධතාව හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇතිවී තිබේ.
ප්රේක්ෂකයෝ ‘අපිට දියව් අපේ ක්රිකට්’, ‘අපිට ඕනේ 96 ක්රිකට්’ යයි කියමින් කණ්ඩායමට සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට දොස් නගා ඇත.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාත්රියේ ඉන්දීය පිල හමුවේත් කඩුලු 9 ක ඛේදජනක පරාජයක් ලැබීය.
තත්ත්වය මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර අවසානයේ හෙල්මට් පැළද සිටි පොලිස් කැරළි මර්දන නිලධාරිහූ ප්රේක්ෂකයන් පළවා හැරියහ.
ප්රේක්ෂයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්රීඩාංගණය තුළ නවතාගෙන සිටියේය.