ඒ අනුව 1994 දී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් මුලින්ම මේ කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම්වන බවද පැවසේ.
ඒ ශ්රී ලංකාවට මුලින්ම තරග පාවාදීමේ සිද්ධියක් වාර්තා වන්නේ 1994 වසරේදී වන බවැවිනි.
වසර 1994 දී ඉන්දියාව සමඟ ලක්නව්හි පැවැති ටෙස්ට් තරගයකදී ඩොලර් 15,000 කට අදාළ තරගය පාවාදුන් බවට චෝදනා එල්ලවී ඇති අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය (crime information bureau - CIB) පරීක්ෂණ පවත්වා වාර්තාවක්ද නිකුත් කර තිබේ.
අදාළ පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්රිකට් නායකයකු වන අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වාට චෝදනා එල්ලවී තිබිණි.
මේ සම්බන්ධයෙන් නීතීඥ ඩෙස්මන්ද සිල්වා මහතා අතුළත් ඒක පුද්ගල කමිටුවක් යොදවා ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණ පවත්වා තිබුණු අතර ඒ සඳහා ප්රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එකල එම චෝදනාව ඉවත්ව ඇති බව පැවසේ.
කෙසේවුවද, මේ අතර අර්ජුනගේ නායකත්වයෙන් ඉන්දියාව සමඟ පැවැති ප්රදර්ශනාත්මක තරග ශ්රී ලංකාව ජයගැනීමේ උත්සාහයකින් තොරව කටයුතු කළ බවද එම කණ්ඩායම්වල ක්රීඩා කළ ක්රීඩකයන් පවසා ඇති බව වාර්තා වේ.
ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය (crime investigation bureau - CIB) පරීක්ෂණ වාර්තාවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙවැන්නකි.