Aug 25, 2017

කපුගෙදර එක්දින නායකත්වයට (update)

චාමර කපුගෙදර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින නායකත්වයට පත්කොට තිබේ.

මෙසේ චාමර කපුගෙදර නායකත්වයට පත්කොට තිබෙන්නේ ඉදිරි  එක් දින ක්‍රිකට් තරග දෙක සඳහා බව වාර්තාවේ.

----------------------------------------------------------------------------------------------------------------------

උපුල්ට තරග 2ක තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට නැවතත් තරග දෙකක තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

ඔහු ඊයේ (24දා) පැවැති තරගයේදී නියමිත වේලාවට සිය පන්දුවාර යොමුකර අවසන් කිරිමට නොහැකිවීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන ඊළඟ එක්දින තරඟ දෙක ඔහුට අහිමිවෙනු ඇත.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීද ඔහුට තරග දෙකක තහනමක් පැනවූ අතර ඒ  දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී නියමිත වේලාවට පන්දුවාර යොමුකිරීමට අපොහොසත්වීම හේතුවෙනි.

තරංගට තරග දෙකක තහනමක් පනවා ඇති හෙයින් ඉන්දියාව හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන සඳහා  දිනේෂ් චන්දිමාල් ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ.

ඒ අනුව තරංග ක්‍රීඩා නොකරන තරග දෙකේදී ඔහු නායකයා ලෙස කටයුතු කරනු ඇති බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top