මෙම මතවාදය බිඳිමින් බොක්සිං ක්රීඩාවේ නිරත වන දකුණු අප්රිකාවේ ‘කොස්මො සිටී’ නගරයේ කාන්තාවන් පිරිසක් පිළිබඳ අපූරු පුවතකි මේ.
බීබීසී ලෝක සේවය වෙත අදහස් දක්වමින් මොවුන්ව පුහුණු කරන ක්ලෝඩ් මපෝසා පවසන්නේ මෙම කාන්තාවන් ගේ ශක්තිය පිළිබඳව තමා පුදුම වන බවයි.
මේ වන විට කාන්තාවන් 30ක් පමණ පුහුණුවෙමින් සිටින බවත්, ඔවුන් සියල්ලන්ම 60 විය ඉක්මවූවන් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
වැඩිදුර අදහස් දක්වමින් මෙලෙස පුහුණුවන කාන්තාවන් පවසන්නේ සිය ගතට සුවයක් සමග කලින් පැවති ලෙඩරෝග තත්ත්වයන් සමනය වන බව ඔවුන්ට දැනෙන බවයි.
මොවුන් මෙලෙස බොක්සිං ක්රීඩාවේ නිරත වන්නේ ‘බොක්සිං ගොගෝස්’ (බොක්සිං ආච්චිලා) නම් වැඩසටහනක් යටතේය. දකුණු අප්රිකාව තුළ මිත්තණියන් අමතන්නේ ගොගෝස් යනුවෙනි.
මේ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවය විසින් පළ කළ වීඩියෝවකි මේ.
(වීඩියෝ : බීබීසී ලෝක සේවය)
(ඡායා : konbini.com)