Nov 18, 2016

ප්ලෙසිස්ට චෝදනා

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ තාවකාලික නායකයා බවට පත්ව ඇති ෆැෆ් ඩු ප්ලෙසිස්හට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී ඔහුට එක් ටෙස්ට් තරගයක තහනමක් පනවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඩු ප්ලෙසිස් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

එම තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසු ජයක් ලැබීය.

කෙසේ වෙතත් අයි.සී.සී. ය විසින් එල්ල කළ චෝදනාව ඩු ප්ලෙසිස් බාරගෙන නොමැති හෙයින් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top