මීර්පූර් හි දී ලද ලකුණු 20 ක මෙම ජයග්‍රහණය, බංගලාදේශය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසට ඉතිහාසගත වේ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 260 ක් රැස් කර තිබුණි.
කෙසේවෙතත්, පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවට පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 217 ක් පමණි.
දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබාගත් අතර තරග ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 265 ක ඉලක්කයක් කරා යාමට සිදුවිය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 244 ක් පමණි.
මෙහිදී ශකීබ් අල් හසන් පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද කඩුලු 5 බැගින් දවාගත්තේය.