ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ ඔහු සිය දියණියගේ 18 වැනි උපන්දිනය වෙනුවෙන් සති තුනක කාලයක් සිය මවුරටවන එංගලන්තයට ගොස් ඇති අතර ඔහුට එසේ යාමට ඉඩ ලබාදීමත් තීරණාත්මක මොහොතක ඔහු එසේ යාමත් සම්බන්ධයෙන් ක්‍රිකට් කේෂත්රයේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.
විල්ස්ට ඔහුගේ මාසික දීමනාව, ඔහු නැවතී සිටින ගෙය, මෝටර් රථය ඉන්ධන හා දුරකථන දීමනා ඇතුළු බරපැන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව රුපියල් ලක්ෂ 18ක් පමණ වැයකරන බව පැවසේ.
ඔහු සිය වගකීම් බාරදී ගොස් ඇත්තේ හෂාන් තිලකරත්නට බව පැවසේ.
හෂාන් පුහුණුකරුවකු ලෙස ඒ කාණ්ඩයේ හෝ සුදුසුකමක් නොමැති අයකු වීම නිසා එය ක්‍රිකට් කේෂත්රය තුළ හාස්‍යට ලක්ව තිබේ.