Sep 08, 2017

සුපිරි බොක්සිං ක්‍රීඩක ගයාන් දිවියෙන් සමුගනියි

ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ සුපිරි බොක්සිං ක්‍රීඩකයෙකු වූ ගයාන් ජයවීර පසුගිය (06දා) හදිසියේ දිවියෙන් සමුගෙන ඇත.

මියයන විට හෙතෙම 25 හැවිරිදි වියේ පසුවිය.

ජයවීර කි.ග්‍රෑ 54 හා 60 බර පන්තීන් නියෝජනය වසර 3ක් ලේටන් කුසලානයේ ශූරතාව දිනා ගෙන ඇති අතර වසර තුනක් (2014,2015,2016) ක්ලිෆර්ඩ් කුසලානයේ ශූරතාවද දිනාගෙන ඇත.

එමෙන්ම ඔහු දකුණු කොරියාවේ පැවති අන්තර්ජාතික තරගාවලියකදී ලෝකඩ පදක්කමක්ද හිමි කරගෙන ඇත.

හෙතෙම හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වේ.

ඔහුගේ අවසන් කටයුතු හෙට (09දා) ඔහුගේ ගම් ප්‍රදේශය වන මතුගමදී සිදු කීරීමට නියමිත බව ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ප්‍රකාශකයෙකු පැවසීය.

හෙතෙම පසුගිය මසදී පැවති ලේටන් කුසලාන තරගයේදීද දස්කම් පෑමට සමත්වීම විශේෂත්වයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top