ඉන්දීය පිලේ ක්රීඩක සහයකයකු ලෙස පැමිණ ඇති අදාළ තැනැත්තා තරගයක් පැවැත්වෙන විට පිටියවටේ යමින් යමක් මතුර මතුරා වැලි විසිකරමින් කටයුතු කර ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු ප්රධානීන් ක්රිකට් ප්රධානීන් දැනුවත් කර ඇති බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, ඉන්දීය ක්රිකට් ක්රීඩකයන් ඔහුව ලාකිකයන්ට හඳුන්වාදී ඇත්තේ ඔවුන්ගේ බැගේජ් බෝයි (බඩු කරගහගෙන යන කොල්ලා) හෝ ත්රො බෝයි (පන්දු විසිකරන කොල්ලා) යනුවෙන් බවද පැවසේ.
මොහු නිතරම සිය නළලේ රතු මොට්ටුවක් තබාගෙන සිටින බවද පැවසේ.
කෙසේවුවද, ගාල්ලේ පැවැති තරගයක් අතර ලාංකික ප්රේක්ෂකයකු ප්රේක්ෂකාගාරයේ සිට අදාළ තැනැත්තා වැලි විසිකරන විට ඔහුගේ ඔළුවට වැලි අහුරක් විසිකර ඇති අතර වැලි වැඳුන සැනින් ඔහු උමතුවෙන් මෙන් ප්රේක්ෂකාගාරය වෙත දිව ගිය බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, ශ්රී ලංකා ක්රිකට් ප්රවීණයන් පවසන්නේ ශ්රී ලංකා පිලේ තරග පරාජය පූසාරියෙකු මත පැටවිය නොහැකි බවත්, ශ්රී ලංකා ක්රීඩකයන්ගේ දුර්වල තරග විලාශය අදාළ පරාජයන්ට හේතුවූ බවයි.
මේ අතර, ඉදිරි පාකිස්තානු සංචාරයේද ශ්රී ලංකා පිලට ජයග්රහණ අපේක්ෂා කළ නොහැකි බව අදාළ ක්රිකට් ප්රවීනයන්ගේ මතය වේ.