Sep 14, 2017

ක්‍රිකට් නව තේරිම් කමිටුව ලබන18

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ නව තේරිම් කමිටුව සැප්තැම්බර් මස 18 දා පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය හමුවේ හා ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ විවේචන හේතුවෙන් සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මීළඟට ඇත්තේ පාකිස්තානයට එරෙහි තරගාවලිය වන අතර එහි ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතය නව තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව සැප්තැම්බර් 20 දා නම්කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top