අර්බුදය කෙතරම් උග්‍රව තිබෙන්නේ ද යත් ඔවුහු පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවති සුහද තරගයට ද සහභාගි නොවූහ.
මතභේදය පිළිබඳව ස්ථිර එකඟත්වයකට පැමිණෙන තුරු තාවකාලික විසඳුමක් පාපන්දු සම්මේලනය (Danish Football Association -DBU) විසින් ඩෙන්මාර්ක වෘත්තීය පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සංගමය (Danish Professional Footballers Association -PFA) වෙත සෙනසුරාදා (සැප්තැම්බර් 16) ඉදිරිපත් කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් ද තවමත් එකඟත්වයකට එළඹී නැත.
එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩකයන්ගේ සංගමය යෝජනා දෙකක් ඉරිදා (සැප්තැම්බර් 17) ඉදිරිපත් කළ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කෙරිණ.
මේ අතරවාරයේ ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන්ට අපූරු යෝජනාවක් කළහ.
සිය වැටුප්වලින් බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක මුදලක් ක්‍රීඩිකාවන්ට ගෙවීමය, ඒ.
වැටුප් සම්බන්ධයෙන් "සාකච්ඡා කිරීමට සූදානම් නැති" පාපන්දු සම්මේලනයක් සමග ගනුදෙනු කිරීම "වෙහෙසකර" බව ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ජෙප් කර්ත් (Jeppe Curth) පැවසීය.
ලබන අඟහරුවාදා හංගේරියාවට එරෙහිව පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු පිණිස වැටුප් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට ක්‍රීඩිකාවන් උත්සාහ දරන නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ එවැනි උනන්දුවක් දකින්නට නොමැති බව ද ඔහු පැවසීය.
(බීබීසී සංදේශය)