Sep 29, 2017

ක්‍රිකට්‌ වෙනසකට කමිටුවක්‌ : සභාපති හේමක

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව මාවතකට ගෙන ඒම සඳහා කරන ලද සාකච්ඡාවකින් පසුව සකස්‌ කරන ලද වාර්තාවේ කරුණු සලකා බලා ක්‍රියාත්මක කිරීමට හේමක අමරසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්‌ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කර තිබේ.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධනව සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පත්කර තිබේ.

මාස තුනක්‌ ඇතුළත අදාළ කමිටුව විසින් කෙටි කාලීන සැලැස්‌මක්‌ සකස්‌ කළ යුතු අතර අනතුරුව වසර දෙකක්‌ ඇතුළත දීර්ඝ කාලීන සැලැස්‌මක්‌ සකස්‌ කරන ලෙසද ඇමැතිවරයා උපදෙස්‌ ලබාදී තිබේ.

 දීර්ඝ කාලීන සැලැස්‌මේදී ඡන්ද බලය අඩුවීම සහ අනෙකුත් පියවරවල් ගන්නා බව ඇමැතිවරයා පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top