ඒ වෙනුවට වෙනත් සහයකයින් දෙදෙනෙකු රැගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ ඉවත්කර ඇත්තේ පිතිකරුවන්ට පන්දු විසිකිරීමට හා පන්දු රැකීමේ පුහුණුවට සහයකයකු ලෙස යොදාගනු ලැබූ නුවන් නැමැත්තා හා පරිගණක විශ්ලේෂක ඉන්දීය ජාතික ශ්‍රී රාම්ය.
අදාළ සහයකයින්ට පසුගිය කාලයේදී චෝදනා එල්ලවී තිබිණි.
ඉන්දීය ජාතික ශ්‍රී රාම් වෙතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දත්ත තොරතුරු පිටතට යන බවත්, නුවන් නැමැත්තා ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ රහස්‍ය වැඩ සඳහා යොදාගන්නා බවටත් එල්ලවූ චෝදනා මත ඔවුන් ඉවත්කර තිබේ.