Sathosa

Oct 04, 2017

ක්‍රික‍ට් නංවන්න අරවින්ද ගෙනා යෝජනා

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ දිගින් දිගටම ඇති වන ආබාධ සම්බන්ධයෙන් සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා පවසයි.

මෙම සමීක්ෂණ හරහා නිතර නිතර ආබාධ ඇතිවීමට හේතු නිවරැදිව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවත්  හිතෙන හිතෙන  පිළියම් කිරීම මීට දීර්ඝ කාලීන විසඳුම නොවන බවත් ඔහු පැවසීය.

ක‍්‍රිකට් වැඩමුළුවේ දී ලබා ගැණුනු යෝජනා පිළිබඳ සලකා බැලීමට පත් කළ කමිටුවේ ඊයේ (03) පැවති රැස්වීමෙන් අනතුරුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ක්‍රීඩාවේ ප්‍රගමනයට ක‍්‍රීඩකයින් තුළ විශ්වාසය ගොඩනැගීම ද වැදගත් වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top