ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ සහභාගි වන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (ඔක් 06) ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා යොදාගැනෙනුයේ රෝස පැහැ පන්දුවකි.
ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අදහස් දක්වා තිබුණේ මෙසේය :
“රෝස පන්දු අභියෝගයට මුහුණදීමට අපි සූදානම්… අද පුහුණුවීම් සිදුකළේ රෝස පන්දුවෙන්. හෙට අපි ක්‍රීඩාගාරයේ කෘතීම අලෝකය යටතේ රෝස පන්දුව සමග පුහුණුවෙනවා… මට හිතෙන්නෙ රෝස පන්දුවේ හැසිරීම පවතින තත්ත්වයන් එක්ක වෙනස් වෙනවා… කොළඹදී කෘතීම අලෝකය යටතේ රෝස පන්දුව සමග පුහුණුවෙන විට එය ගමන් කරන ආකාරය මද වෙනස් තිබුණා. මෙහෙ තත්වය හෙට බලන්න ඕන. ඒත් පසුගිය වසරේ පකිස්තානු - බටහිර ඉන්දීය කොදෙව් තරග නැරඹූ විට දී පන්දුව ගමන් කරන ආකාරයේ වැඩි වෙනසක් දැක්කෙ නෑ…”
වැඩිදුර අදහස් දක්වමින් තිලකරත්න මහතා දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කර තිබුණද, මේ වන විට යෝජනා කර ඇති සිවුදින ටෙස්ට් තරග සඳහා සිය අප්‍රසාදය පළ කර තිබුණි.
(cricbuzz.com ඇසුරෙනි)