Nov 22, 2016

ලක්මාල්ට දඩ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩයක් පැනවීමට කටයුතු කර තිබේ.

ඒ ඊයේ (21) පැවැති තරගයේදී  ඔහු ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේය.

ඒ අනුව තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් ලක්මාල්ට පනවා ඔහුගේ විනය විරෝධී සටහන්වලට ලකුණු දෙකක් එක් කිරීමටද කටයුතු කර තිබේ.  

තරගයේ දෙවැනි පන්දුවාරය තුළදී සුරංග ලක්මාල් තමාට ලැබුණ පන්දුව වේගයෙන් පිතිකරු අභිබවා කඩුලු රකින්නා වෙතට යොමු කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය පනවා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top