ඒ, ඊයේ පකිස්තානයට එරෙහිව ඩුබායි හි දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදීය.
ඊයේ දිනයේ තරගය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 133ක් ලබා සිටි අතර, දිනේෂ් චන්දිමාල් ද නොදැවී ලකුණු 49ක් ලබා සිටියේය. මේ වන විට ශ්රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබාගෙන සිටියි.
දිමුත් විසින් ඊයේ දිනයේදී වාර්තා කරනු ලැබුවේ ඔහුගේ සත්වැනි ටෙස්ට් ශතකයයි. අබුඩාබි වලදී ද ඔහුට ශතකය අහිමි වූයේ ලකුණු 93ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වීමෙනි.