Oct 08, 2017

බැඩ්මින්ටන් කචල්වලින් ආතල් ගන්නේ නිලධාරීන් ? Featured

හිටපු උප සභාපතිවරයකු හා හිටපු ලේකම්වරයකු ගොනුකරන ලද නඩුවක් හේතුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පරිපාලනය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවකට පැවරීමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාව තවත් අඝාදයට වැටී ඇතැයි වාර්තා වේ.

අදාළ කමිටුවේ සභාපතිවරයා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයායා වන අතර ඔහු එම ධූරයේ බලතල භාවිතා කරමින් සුදර්මන් කුසලාන තරගාවලියට සමගාමීව ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක බැඩ්මින්ටන් කුසලාන සමළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  දිනකට ඇමරිකානු ඩොලර් 400ක දීමනාවක්ද අමාත්‍යංශයෙන් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු දින තුනක සැසියට දින අටක කාලයක් එහි රැදී සිට ඇතැයි පැවසේ.

ක්‍රීඩා අමාත්‍යංශයේම නිලධාරියකු වන කමල් ගම්ලත් නැමැත්තා කලක් මුළුල්ලේ අමාත්‍යංශයෙන් හා බැඩ්මින්ටන් සංගමයෙන්ද පුහුණුකරුවකු ලෙස නීති විරෝධී අයුරින් මුදල් උපයමින් සිටින බවටද චෝදනා එල්ලවී ඇත.

ඔහු මේවන විට වැඩිම බැඩ්මින්ටන් තරග හා පුහුණු සංචාරවලට සහභාගිවී වාර්තාවක් තබා තිබේ.

පසුගිය සති කිහිපය මුළුල්ලේ මියන්මාර් හි පැවැති කනිෂ්ඨ තරගාවලියකට ද ඉන්දියාවේ පැවැති ප්‍රවීනයන්ගේ තරගාවලියකට ද ඉන්දුනීසියාවේ පැවැති කනිෂ්ඨ තරගාවලියකට ද ක්‍රීඩා අමාත්‍යංශයේ මුදලින් සහභාගිවී ඇත.

වරක් මොහුට විරුද්ධව කොළඹ උසස් බාලිකා විදුහලක ක්‍රීඩිකාවකට අතවර කිරීමට තැත් කළ බවට වූ චෝදනාවක්ද වූ අතර මේවන විට එයද යටපත්ව තිබේ.

මීට අමතරව පසුගියදා මැලේසියාවේ පැවැත්වූ සති දෙකක බැඩ්මින්ටන් පුහුණු සැසියක් සඳහා ද කමල් ගම්ලත් අතැළුව ක්‍රීඩා අමාතයංශයේ පුහුණුකරුවන් 10 දෙනෙකුම සහභාගිවී ඇත.

එසේ ගිය ඇතැම් පුහුණුකරුවන් කිසිදු පුහුනුවීමක් නොකරන්නන් බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය - සත්හඬ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top