අද දිනයේදී අධිකරණය හමුවේ ඔහු මෙම වරද පිළිගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යවන ක්‍රීඩක මුරලිදරන්ට පන්දුව දමා ගසන බවට චෝදනා කිරීම හේතුවෙන් දැඩි මතභේදයට තුඩු දුන් හෙයා, පසුව සූදුවට ඇබ්බැහි විය.
මේ හේතුවෙන් ඔහු රැකියාවක නිරත වී ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඔරෙන්ජ් හි පිහිටි D'Aquino's Liquor නම් මත්පැන් අලෙවිසලකය.
මේ වසරේ පෙබරවාරි 25 - අප්‍රේල් 28 අතර කාලය තුළදී ඔහු සිය සේවාස්ථානයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 9005.75ක් සොරකම් කර තිබේ.
හෙයා විසින් අලෙවිසැලේ මුදල් ගෙවන කැෂියර් යන්ත්‍රයෙන් මුදල් ගෙන සිය සාක්කුවට දමාගන්නා අයුරු ආයතනයේ CCTV කැමරා වල සටහන් වීමෙන් අනතුරුව ඔහුව පසුගිය මැයි මාසයේදී රැකියාවෙන් නෙරපනු ලැබුණි.