Oct 28, 2017

සනා කොන්වෙයි සෙස්සො සෙට්වෙයි !

සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් මෑතකදී ඉල්ලා අස්වූ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් දෙදෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දෙකක් ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙහිදී හිටපු සුප්‍රසිද්ධ ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්‍ෂණ මධ්‍යස්ථානයේ තනතුරක්ද, අනෙක් හිටපු ක්‍රීඩකයාට කණ්ඩායම් කළමනාකරු තනතුරක් ද, පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

මෙම තනතුරු දෙකක් සමඟ හිටපු තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතාට පමණක් මේ දක්වා කිසිදු තනතුරකට ආරාධනයක් හෝ ලැබී නොමැති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතිරික්ත සේවකයන් සිටින බව එහි පාලනයට පත්වූ සභාපතිවරු ඇතුළු නිලධාරිහු අවස්ථා රැසකදී පැවසූහ.

පාලනයට පැමිණි ඇතැම් සභාපතිවරුන් පැවසුවේ සේවකයන් අඩුකිරීම තමන්ගේ ප්‍රධානම කාර්යයක් බවයි.

එය එසේ වුවද මේ වනවිට එම ඉවත් කළ සේවකයන් සංඛ්‍යාව මෙන්ම කීපගුණයක පුද්ගලයන් සේවයට බඳවාගෙන ඇති බවට ද චෝදනා එල්ලවී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top