මේ අනුව ඒ, පකිස්තානයට 3-0 ලෙස ජයක් හිමිවිය.
තරඟයේ කාසිය වාසිය දිනු ශ්රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට ලකුණු 180ක් රැස් කර සිටියේය. ෂොයිබ් මලික් ලකුණු 51ක් ද උමාර් අමීන් ලකුණු 45ක් ද රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ඉසුරු උදාන, විකුම සංජය සහ දිල්ෂාන් මුණවීර එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්රී ලංකා පිල, ලකුණු 181 ඉලක්කයක් හඹා ගිය නමුත්, පන්දුවාර 20 අවසානයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලු 09ක් ලකුණු 144ක් පමණි. මෙහිදී පන්දු 36කින් අර්ධ ශතකයක් රැස් කිරීමට දසුන් ශානක සමත් විය.
මොහොමඩ් අමීර් කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.