වසර 2015දී සිඩ්නි නුවරදී සම්භාහන චිකිත්සකවරියක් ඉදිරියේ සිය සිරුර නිරාවරණය කළ බවට ෆෙයාෆැක්ස් මාධ්‍ය ආයතනය විසින් වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණි.
ලියෑන් රසල් නම් සම්භාහන චිකිත්සකවරිය මේ පිළිබඳව අධිකරණය හමුවේ පවසා තිබුණද, එම අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩ්වේන් ජොන්සන් ද පවසා තිබුණේ එවැන්නක් සිදුනොවූ බවයි.
මේ අනුව, සිඩ්නි නුවර කිං ස්ට්‍රීට් අධිකරණයේ ජූරියක් විසින් තීන්දු කර තිබුණේ ෆෙයාෆැක්ස් මාධ්‍ය ආයතනය විසින් නගා ඇති චෝදනා අසත්‍ය බවයි.
අධිකරණ පරිශ්‍රය පිටතට රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ගේල් පවසා ඇත්තේ තමා හොඳ මිනිසෙකු බවත් නිර්දෝෂී බවත් ය. සත්‍ය සිදුවීම පිළිබඳ ජනතාවට දැනගැනීමට හැකිවීම පිළිබඳවද සතුටු බව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ගේල් විසින් තමාට සිදුවූ හානි සඳහා වන්දි ඉල්ලන ආකාරය පිළිබඳව තවමත් වාර්තා නොවේ.
මේ අතර, ෆෙයාෆැක්ස් මාධ්‍ය ආයතනය පවසා ඇත්තේ මෙම නඩුතීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළ හැකිදැයි යන්න පිළිබඳව සලකා බලන බවයි.