ඇය මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායමට තරග කරනු ඇත.
මෙම තරගාවලිය සඳහා ආරාධනා ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ද ඇයයි.
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා ලීග් තරගාවලිය දැවැන්ත තරගාවලියක් බවත් මෙල්බන් රෙනගේඩ්ස් හට දැවැන්ත රසිකරසිකාවියන් පිරිසක් සිටින බව පවසන චමරි, එම සහය ලැබීම හා මෙම කණ්ඩායම සමග එක්වීම අතිවිශාල සතුටක් බවත් පවසන්නීය.
මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් ලබාගත් චමරි පසුගිය ජූලි මාසයේදී පන්දුවාර විස්සයි 20 ලීග් තරගාවලියක් සඳහා කණ්ඩායමක් සමග ගිවිසුම්ගත වූ පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාව බවටද පත්විය.
පසුගියදා පැවති ඩයලොග් - ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්රියේදී වසරේ ක්‍රීඩිකාව ලෙස මෙන්ම වසරේ එක්දින පිතිකාරිනියට හිමි සම්මානයද දිනාගැනීමට ඇය සමත් විය.