අදාළ තත්ත්වය ඇතිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නම්කර අනුමැතිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙතින් ලබා ගැනීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහතිකය එක් කිරීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අනිවාර්ය කර තිබීම නිසාය.
පසුගිය කාලයේදී අසේල හා කුසල්ට අමතරව ඇන්ජලෝ මැතිවුස් ද ආබාධයකට ලක්ව සිටි අතර මේවන විට ඇන්ජලෝ මැතිවුස් ගේ ශාරීරික යෝග්‍යතාව යහපත්ව ඇති බැවින් ඔහු පමණක් කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය ලබන දෙසැම්බර් 10 වැනිදා ආරම්භවීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට්වලට එක්කර ඇති අදාළ නීතිය ලබන වසරේ (2018) ජනවාරි 01 වැනිදා සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත.