අනිද්දා (27) බුලවායෝහිදී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව සුදුකම් ලැබුවේ ප්‍රසාද ලකුණු 11 ක් ලබාගනිමිනි.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සිම්බාබ්වේ සහ කොදෙව්වන්ව එක් වරක් බැගින් පරාජය කළ අතර කොදෙව්වන්ට පළමු වටයේදී තරගයක් පරාජය විය.
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය වැස්සට සේදීයාම හේතුවෙන් දෙපිලට ප්‍රසාද ලකුණු දෙක බැගින් ලැබුණි.
තීරණාත්මක තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවසන් පන්දු හයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක් අවශ්‍ය වුවද ඔවුන්ට එහිදී ලබාගත හැකිවුයේ ලකුණු අටක් පමණි.
පන්දු රකින්නන් විශාල උත්සහයක් ගත්තද දවා ගැනීම් කිහිපයක් අපතේ යැම හේතුවෙන් මෙවැනි උද්වේගකර තරග අවස්ථාවක් පැමිණි බව උපුල් තරංග වැඩිදුරටත් පවසයි.