කෙසේවෙතත්, ක්රික්ඉන්ෆො වෙබ්අඩවිය වාර්තා කරන අන්දමට ඔහු ගේ ඉල්ලා අස්වීම බංගලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය විසින් තවමත් භාරගෙන නැත.
බංගලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය විසින් මෙම වාර්තා සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කර නැති වුවත්, එම වාර්තා ප්රතික්ෂේප කර නොමැති බවත්, එහි වැඩිදුරටත් දැක්වේ.
මේ අනුව, හතුරුසිංහ ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරු ලෙස එක්වීමේ හැකියාවක් ඇතැයි ද පැවසේ.
කෙසේ වෙතත් ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වා "දිවයින" පුවත්පතට මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙසේය :
"හතුරුසිංහ බංග්ලාදේශයෙන් ඉවත්වෙලා කියලා ආරංචියි. අපි තවම හතුරුසිංහ සමග නිල වශයෙන් සාකච්ඡා කරලා නැහැ. පුහුණුකරුවන් කිහිප දෙනෙකුටම අපි අවධානය යොමු කරලා තියෙනවා. කොහොම වුණත් දැන්ම නම් කියන්න බැහැ. ලබන ජනවාරි 1 වැනිදා සිට අලුත් පුහුණුකරුවකු ගෙන්වනවා."