මේ සිද්ධිය සැලසුම්කොට නොකළ බවත් එහි පූර්ණ වගකීම බාරගත් දසුන් මේ හේතුවෙන් බලවත් පසුතැවිල්ලෙන් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ චෝදනාව පිළිගත් දසුන් ශානකට තරඟ ගාස්තුවෙන් 75% ක දඩයක් හා සෘණාත්මක ලකුණු තුනක් එක් කිරීමට තරඟ තීරක කටයුතු කළේය.
ඒ අනුව, දසුන් ශානක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාවේ 2.2.9 වගන්තියේ සඳහන් වන ක්‍රීඩකයෙක් බවත් ක්‍රීඩකයන්ට සහය වන්නෙක් පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමේ 41.3 වරදට හසුව තිබෙන බවත් ඔහුගේ දඩ මුදලට අමතරව දසුන්ගේ විනය ලකුණුවලට සෘණ ලකුණු තුනක් එකතුවී ඇත් බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.