Pasidol
Sathosa
Dec 05, 2017

ක්‍රිකට් තේරීම් කමිටුව පාර්ලිමේන්තුවේ රැස්වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මේවන විට පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමඟ රැස්වී සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ.

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියට සහභාගිවීම සඳහා ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හදිස්සියේ කැඳවීම නිසා මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ කණ්ඩායම කැඳවනු ලැබුවේ එම කණ්ඩායමට අනුමැතිය ලබා නොගෙනවීම නිසාය.

ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ අදාළ පිල ඉන්දියාවට පිටත්කර ඇත්තේ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද නොදැනුවත්ව බවයි.

එම පිල පිටත්කර යැවීමට මුල්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා බවද වාර්තා වේ.

කෙසේවුවද, අන්තර් ජාතික මාධ්‍යයේද පුවත් මවන සිද්ධියක් බවට පත්කළ අදාළ කාරණාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රිකට් සභාපතිවරයාද ක්‍රිකට් ප්‍රවීනයන්ගේ දැඩි ලෙස දොෂදර්ශනයට ලක්ව ඇතැයි මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top