File photo File photo
Dec 06, 2017

රුසියාව, 2018 ශීත ඍතු ඔලිම්පික් තරගාවලියෙන් විසිවෙයි

වසර 2018 දී දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් තරගාවලියෙන් රුසියාව තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

කෙසේවෙතත්, තමන්ට එරෙහිව තහනම් උත්තේජක චෝදනා නොමැති බවට ඔප්පු කළ හැකි රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ස්වාධීන ධජයක් (neutral flag) යටතේ තරග කිරීමට හැකියාව ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ රුසියාවේ සොචි නුවර පැවති 2014 ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අතරතුර එරට රජයේ අනුදැනුම ද ඇතිව එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි නැගුනු චෝදනා සම්බන්ධයෙන් පැවති පුළුල් පරීක්ෂණයකින් අනතුරුවය.

මෙම නිවේදනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති - තෝමස් බාක් හා ඔහු ගේ මණ්ඩලය විසින් මෙම තීරණය ඊයේ (05) දිනයේදී ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙම තීරණය රුසියාවේ තදබල විවේචනයට ලක්ව ඇති නමුත්, නිර්දෝෂී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහභාගී වීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳව ඇතැම් පාර්ශව වල ප්‍රශංසාවට ලක්ව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top