Pasidol
Sathosa Ad Final Sinhala
Dec 07, 2017

දිල්ලි වායු දූෂණය ගැන ලංකාවෙන් ICCය ට පැමිණිල්ලක්

ඉන්දියාවේ නවදිල්ලියේ ෆෙරොස් ෆාහ් කොට්ලා ක්‍රීඩාංගනයේදී පැවති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී මුහුණපෑමට සිදුවූ දරුණු වායු දූෂණ තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අඟහරුවාදා දින (05) මෙම පැමිණිල්ල සිදුකළ බවත් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවට ICC ය ප්‍රකාශ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේවෙතත්, ICC ය විසින් මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වී නැත.

කෙසේවෙතත්, ඊයේ දිනයේදී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ධනන්ජය ද සිල්වා, රොෂේන් සිල්වා (74) හා නිරෝෂන් දික්වැල්ල (44) විසින් තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත් විය.

මෙහිදී පන්දු 219කින් ලකුණු 119ක් රැස් කරමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනන්ජය ද සිල්වා හට,ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩාගාරය වෙත යාමට සිදුවිය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top