හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සාමාජිකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා අරවින්ද සිල්වා ඇතුළු ප්‍රවීණයන් සමඟ තමා සාකච්ඡා කර ක්‍රිකට් දියුණු කිරීමට සැලැස්මක් සකස් කළ බවද දැනටමත් එහි පියවර කිහිපයක් ආරම්භ කර ඇති බවද ඊයේ (06 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
ගමෙන් සුදුසු ක්‍රීඩකයන් තෝරා ගැනීමට පළාත් හතරක ක්‍රීඩා සංගම් පිහිටුවා ඇති බවද එයින් ලබා ගන්නා දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් ඇති කිරීමට පියවර ගන්නා බව අවධාරණය කළ ඔහු ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන බවත් පාලක මණ්ඩල නිලවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති ඡන්ද 145 ඉදිරියේදී 75 කට පමණ අඩු කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
සමහර ක්‍රිකට් සමාජවල ඡන්ද බලාපොරොත්තුවෙන් ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමට ක්‍රිකට් ආයතනයට බලපෑම් එල්ල වන බවද ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමෙන් මේ බලපෑම් නැතිව සෘජුව ක්‍රියා කිරීමට ක්‍රිකට් ආයතනයට හැකි වන බවද පැවසූ ඔහු තමාට ක්‍රිකට් නැංවීමට අවස්ථාව හා කාලය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.