ක්‍රීඩා සංගම් නිලවරණ සමයේදී 2017 - 2018 කාල සීමාව සඳහා මෝටර් රථ ක්‍රීඩා මවු සංගමයට (ශ්‍රී ලංකා ඕටෝමෝබයිල් ක්‍රීඩා සංගමයට) අලූතින් පත්වූ නිලධාරී මණ්ඩලය මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.
අදාළ නිලධාරීන් මේ සම්මාන උළෙල මාධ්‍යයෙන්ද වසන්කර තිබීම නිසා මේ චෝදනාව වඩාත් තීවුර වී ඇත.
ඕනෑම ජාතික මට්ටමේ සම්මාන උළෙලක් ආවරණය කිරීම සඳහා විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යය ආයනත සඳහා ආරාධනා කිරීම සාමාන්‍ය සිරිත වුවත්, මෙම සම්මාන උළෙල ආවරණය කිරීම සඳහා කිසිදු මාධ්‍ය ආයතනයකට ආරාධනා කර තිබී නොමැත.